මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු අර්බුදය

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු අර්බුදය

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබද වර්තමාන රජය විසින් කරන ලද නිරීක්ෂණ අනුව ලංකාවේ ඇති දූෂිතම ආයතනය බවට ප‍්‍රකාශ වූ අතර එහි සේවයේ නියුතු සියළුම නිලධාරීන් වහාම මාරු කිරීමටද පියවර ගන්නා බව ප‍්‍රකාශ විය.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මෙතරම් දූෂිත ආයතනයක් බවට පත්වූයේ ඇයි දැයි සොයා බැලීම වටී. විශේෂයෙන් කිවයුතු කාරණයක් වන්නේ රාජ්‍ය නිලධාරීන් වසර පහකට වරක් තම සේවා ස්ථානයෙන් වෙනත් සේවා ස්ථානයකට මාරුවීම් ලබයි. එසේ කරනුයේ එකම සේවා ස්ථානයක දීර්ඝකාලයක් සේවය කිරීමේදී ඔවුන් යම් විෂමාචාර ක‍්‍රියාවන් වලට කොටුවේයැයි යන උපකල්පනය මතයි.

එහෙත් අප රටේ රාජ්‍ය සේවයේ ආයතන දෙවර්ගයකට වර්ගීකරණය කර ඇත. එක් කාර්යාලය පද්ධතියක් ප‍්‍රියමනාප කාර්යාලය ලෙස හඳුන්වයි. එම කාර්යාල තුල කළමනාකරණ සේවා නිලධාරියෙකුට සේවය කළ හැක්කේ වසර පහක කාල සීමාවකට පමණක් වන අතර එම අවස්ථාව එකී නිලධාරියෙකුට හිමිවන්නේ සේවා කාලය තුල එක් අවස්ථාවක් පමණකි. එහෙත් මෙම ආයතන තුල ආයතන ගත සේවකයින් බොහෝ පිරිසක් සේවයේ යෙදෙති. දෙපාර්තමේන්තු ගත සේවකයින් ලෙස හදුන්වන ඔවුන් ලිපිකරුවන් හා උපාධිධාරී සේවයේ අය වෙති. මොවුන්ට ඉහල නිලධාරීන්ගේ නොමසුරු සහයෝගය නිතැතින්ම ලැබෙන අතර බහුතර පිරිසක් කෝටිපතියන් බවට පත්වී ඇත.

ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා ප‍්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ කැබිනට් සංදේශයක් මගින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු ගත මෙම පිරිස ඉන් මාරු කිරීමට අනුමැතිය ලබා ගත්තද මෙම පිරිස ඉතා විශාල මුදලක් වියදම් කර නඩුවක් ගොනුකර මෙම මාරුවීම් තාවකාලිකව අත්හිටුවා ගෙන ඇති බවද පසුගිය සමයේ වාර්තාවිය. කෙසේ නමුත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කරන ලද මෙම සොයා බැලීම පිළිබඳ අපගේ බලවත් ප‍්‍රසාදය පලකරමු.

එසේ කැබිනට් අනුමැතිය ලබා දී ඇති එම පිරිස් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පිටතට ස්ථාන මාරු කරන ලෙසත් එසේ නොවුන හොත් මෙම දූෂණ නැවැත්විය නොහැකි බවත් පෙන්වා දෙමු.
(පන්හිඳ)