දෛනික මූලික වැටුප 1000 ඉල්ලා වතු සේවකයින් වර්ජනයේ

දෛනික මූලික වැටුප 1000 ඉල්ලා වතු සේවකයින් වර්ජනයේ

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති අද (05) එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කරඇති බව අප වාර්තාකරුවන් පවසයි.
 
ඒ අනුව කිසිඳු වතුකම්කරුවෙකු ඒම ප්‍ර දේශවල  අද දිනයේ මේ වනතෙක් සේවයට වාර්තාකර නොතිබූ බව සඳහන්ය.
 
වතු පාසල්වල ගුරුවරුන් අද අසනීප නිවාඩු වාර්තා කරඇති අතර කෙටිදුර ධාවනයේ යෙදෙන බස්රථ ද ධාවනයෙන් ඉවත්ව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළකර ඇත.