කැළණිවැලි දුම්රිය මාර්ගයට අද සිට නව දුම්රියක්

කැළණිවැලි දුම්රිය මාර්ගයට අද සිට නව දුම්රියක්
කැළණිවැලි මාර්ගයේ පවතින මගී තදබදය අවම කිරීම හා මගීන් වෙත පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් නව දුම්රියක්,දුම්රිය කාලසටහන වෙත එක් කිරීමට අද දින ප්‍රවාහන අමාත්‍යාංශ ගාමිණී ලොකුගේ මැතිතුමාගේ හා වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුලු ආරාධිත අමුත්තන්ගේ සාහභාගීත්වයෙන් අද දින හෝමාගම දුම්රිය ස්ථනයේ දී ගමන්  ආරම්භ කරන ලදී.
 
ඒ අනුව එම දුම්රිය හෝමාගම දුම්රිය ස්ථානයෙන්  පෙරවරු 07.00 ට කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිත අතර නැවත කොළඹ කොටුව සිට හෝමාගම දක්වා පස්වරු 06.18 ට හෝමාගම දක්වා ධාවනය කිරීමට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.ඉරිදා දින පමණක් මෙම නව  දුම්රිය ධාවනය නොවන අතර ඉතිරි දින හයෙහිම මෙම දුම්රිය ධාවනය වේ.
 

එමෙන්ම කැලණිවැලි මාර්ගයේ පවතින දුම්රිය මාර්ග තදබදය අවම කර ගැනීමේ අරමුණ පදනම් කර ගනිමින් හෝමාගම ද්විත්ව මාර්ගය පෙර පැවතියා සේ ත්‍රිත්ව මාර්ගයක් ලෙස සංවර්ධන කර අද එම කටයුතු ද ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.