ඇඟලුම් කර්මාන්තශාලාවක කොවිඩ් පොකුරක්

ඇඟලුම් කර්මාන්තශාලාවක කොවිඩ් පොකුරක්
වේයන්ගොඩ, නාවුගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගත් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
ඒ හේතුවෙන් එම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව සිටි 540 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ ඉදිරියේදී කිරීමට නියමිත බව සඳහන්ය.
 
කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් එම කර්මාන්තශාලාව වසාදමා තිබේ.
 
මේ අතර මහියංගනයේ පිහිටි ඇඟලුම් කම්හලකින් ද කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙකු හමු වී තිබේ.
 
මේ වනවිට එම ඇඟලුම් කම්හලෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 108කි.