ශ‍්‍රී ලංකා විදේශ දුත මණ්ඩල පුරප්පාඩු පිරවීමේ තරඟ විභාග ගැටළුව විසඳේ

ශ‍්‍රී ලංකා විදේශ දුත මණ්ඩල පුරප්පාඩු පිරවීමේ තරඟ විභාග ගැටළුව විසඳේ

2018/2019 විදේශ දුත මණ්ඩල වල කළමනාකරණ සේවා නිලධාරි පුරප්පාඩු පිරවීම සඳහා පවත්වන ලද තරඟ විභාගයෙන් ලිඛිත පරික්ෂණය සමත් වු කළමනාකරණ සේවා නිලධාරීන් 453 ක් ප‍්‍රායෝගික පරික්ෂණය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදී.

ප‍්‍රථම වරට හඳුන්වා දුන් ප‍්‍රායෝගික පරික්ෂණය පැවැත්වීමේදී යම් යම් අඩුපාඩු හා අපහසුතාවන්ට මුහුණ දීමට අපේක්ෂකයන්ට සිදුව ඇතත් එම ප‍්‍රයෝගික පරික්ෂණයෙන් 114 දෙනෙකු සමත්ව තිබුනි.

මෙම ප‍්‍රායෝගික පරික්ෂණයට මුහුණ දීමේදි සිදුවු අපහසුතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා ප‍්‍රායෝගික පරික්ෂණය සමත් නොවු අපේක්ෂකයන් ගොනුකළ විරෝධතාවය හේතුවෙන් පත්වීම ලබාදීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් උද්ගත විය.

ප‍්‍රායෝගික පරික්ෂණය සමත් වුවන් සදහා පත්වීම් ලබා ගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති කිහිපයක් පෙනී සිටි අතර ප‍්‍රායෝගික පරික්ෂණය පැවැත්වීමේදී සිදුවු අපහසුතා හේතුවෙන් ඇතිවී ඇති ගැටළුව හේතුවෙන් පවත්වන ලද විභාගය අවලංගු කිරීම සිදුකළ යුතු බවට තවත් වෘත්තිය සමිතියක් පෙනී සිටීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර් මාණය විය.

ඒ සම්බන්ධයෙන් මැදිහත්වු එකාබද්ධ කළමනාකරණ සේවා වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු උදේනි දිසානායක මහතා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානය කැඳවා ඒ සම්බන්ධයෙන් වෘත්තිය සමිති පොදු එකඟතාවයකට ගෙන ඒමට කටයුතු කරන ලදී.

අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණය සමත්ව පත්වීම් නොලැබීම හේතුවෙන් පීඩාවට පත්ව සිටි අපේක්ෂකයන්ගේ ඉල්ලීම් සංගම් මුලස්ථානයේ පැවැති රැස්වීම් අවස්ථාවකදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට හා හිටපු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුන් උදේනි දිසානායක මහතා ඒ වෙනුවෙන් ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ එකඟතාවයද ඔවුන් වෙත ඉදිරිපත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් මැදිහත් වී සාධාරණයක් සිදුකරන බවට විදේශ කටයුතු අමාත්‍යතුමා හා අමාත්‍යාංශ ලේකම්තුමා විසින් දෙන ලද එකඟතාවය තහවුරු කරමින් පසුගිය 2020 සැප්තැම්බර් 15 වන දින සිට එම ප‍්‍රායෝගික පරික්ෂණය සමත්වු කළමනාකරණ සේවා නිලධාරීන් 114 දෙනා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

පී. ජී. සමන් පීරිස්, ලංකා රාජ්‍ය කළමනකාරණ සේවා නිලධාරි සංගමය