ඉන්දියාවේ සේවයට ගිය ලාංකිකයින්ට ETF ගැටළු රැසක්

ඉන්දියාවේ සේවයට ගිය ලාංකිකයින්ට ETF ගැටළු රැසක්

ලාංකික හාම්පුත්තු යටතේ ඉන්දියාවේ පෞද්ගලික ආයතනවල සේවය කරන මෙරට සේවකයන්ට සේවා කාලය අවසන් වීමෙන් පසු එරට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයට දායක වූ මුදල් යළි ලබා ගැනීමේදී ගැටලු මතුව ඇති බවට කම්කරු අමාත්‍යාංශයට පැමිණිලි රැසක් ලැබී බව වාර්ත වේ.

මෙරට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස් සේවක අර්ථසාධක අරමුදලට දායක වන ආකාරයට ඉන්දියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් එරට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයට දායක විය යුතුයි. වයස අවුරුදු 58න් පසු එම මුදල් ලබා ගත හැකි වුවද ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ වසර ගණනාවක් ගත වීමෙන් පසු එම මුදලට හිමිකම් පෑම ප්‍රායෝගිකව අසීරු කාර්යයක් බවද අමාත්‍යාංහය හඳුනා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් හතරක පමණ ඉන්දියාවේදී සේවය කළ පිරිස් මෙම ගැටලුවට මුහුණ පා සිටිති.

පවතින ගැටලුව නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියදාව අතර ද්විපාර්ශ්වීය සමාජ ආරක්ෂණ ගිවිසුමකට අත්සන් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා යෝජනා කරයි.ඒ සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතද සංශෝධනය කිරීමට නියමිතය.