ජාතික පාසල් පුරප්පාඩු රැසක් පිරවීමේ සූදානමක්

ජාතික පාසල් පුරප්පාඩු රැසක් පිරවීමේ සූදානමක්

ජාතික පාසල් 170 ක පවතින විදුහල්පති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ , ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ජාතික පාසල් 373 ක් පවතින අතර විදුහල්පති පුරප්පාඩු පැවති පාසල් 100 කට මේ වනවිට විදුහල්පතිවරුන් පත් කර ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.