හෝටල් සේවකයෙක් එළියට

හෝටල් සේවකයෙක් එළියට

හෝටල් ශේෂ්ත්‍රය ආශ්‍රිතව රැකියාවන් වල නියුතුවූවන්ගේ ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වූ සුජිත් ප්‍රසන්න මහතා බේරුවල අර්ල් රීෆ් හෝටලයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම හෝටලය ඉදිරිපිටදී 14 දි මාධ්‍ය සාකච්ඡාවක් පැවත්විණ.

පෞද්ගලික අංශයේ සේවක මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී හොටල් ආශ්‍රිතව රැකියා කරන්නන්ගේ ගැටළු විසදීමට සහ සුජිත් ප්‍රසන්නව නැවත රැකියාවෙහි පිහිටුවීමට ආණ්ඩුව මැදිහත් වියයුතු බව අවධාරණය කෙරිණි.

එසේ නොවන්නේ නම් දිවයින පුරා සිටින හෝටල් සේවකයන් සංවිධානය කරමින් දැවැන්ත විරෝධතාවක් ඉදිරියෙදී සංවිධානය කරන බව පෞද්ගලික සේවක මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.