කොළඹ වරායේ විශාලතම පර්යන්තය ඉන්දියාවට දෙනවා

කොළඹ වරායේ විශාලතම පර්යන්තය ඉන්දියාවට දෙනවා

කොළඹ වරායේ ඇතිවන විශාලතම පර්යන්තය වන බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉන්දියාවේ News 18 නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.

එසේම මෙම පර්යන්තයේ ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවට අයත් කන්ටේනර් මෙහෙයුම් බවද ඔහු විශ්වාසවන්තව කියා සිටී.

“ශ්‍රී ලංකා ඉන්දියා සම්බන්ධතාවය එක ව්‍යාපෘතියකට කේන්ද්‍ර වෙන්නේ නැහැ. අපේ සම්බන්ධතාවය ඉතාමත් මිත්‍රශීලී එකක්. අපිට පුළුවන් වෙනවා මේ ගැටළු සියල්ලක්ම විසඳගෙන ශ්‍රී ලංකා ඉන්දියා සම්බන්ධතා ඉදිරියට තරකර ගනිමින් කටයුතු කරන්න. ඉන්දියාව සමග විශාල ව්‍යාපෘති ආයෝජන වගේම සහයෝගීතා දිගටම ක්‍රියාත්මක වේවි. මුල සිටම අපේ රජයෙන් නැගෙනහිර පර්යන්තය පිළිබඳව දැඩි කැපවීමක් තිබුණා.

මේ පිළිබඳව රජයන් 3 සමග සාකච්ඡා කළා. ඒ වගේම ශ්‍රී ලංකා වරාය අධිකාරියත් අදාළ රට සමග පැවැත්වූ සාකච්ඡා වල අසාර්ථකත්වයත් මේ කරුණට බොහෝ ලෙස බලපෑවා. ඒවගේම තමයි බටහිර පර්යන්තය ලබාදීමට ආ යෝජනාවකුත් තිබෙනවා. මම කිව යුතු තව කාරණයක් තමයි ඉන්දියාවෙන් එන බහාලුම් වලින් තමයි පර්යන්ත ක්‍රියාත්මක වන්නේ.
(ලංකා ට්‍රත්)