දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 24ක සංකේත වර්ජනයක අත්හිටුවා තිබේ.
 
ඒ, අද දිනයේ සාකච්ඡාවක් ලබා දීමට විෂයභාර අමාත්‍යවරයා පොරොන්දු වීමෙන් පසුවය.
 
වෘත්තිීය සමිති මෙලෙස වර්ජනයේ නිරත වීමට සූදානම් වූයේ අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටලු කිහිපයක් නිරාකරණය කරගැනීම මුල් කරගනිමිනි.
 

කෙසේවෙතත්  ව්‍යාපෘති සම්බන්ධයෙන් එළඹ ඇති රාජතාන්ත්‍රික ගිවිසුම් වෙනස් කිරීම අපහසුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.