දුම්රිය රියදුරන්ගෙන් සංකේත වැඩවර්ජනයක්

දුම්රිය රියදුරන්ගෙන් සංකේත වැඩවර්ජනයක්
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංකේත දුම්රිය වර්ජනයක නිරතවීමට තීරනයකර තිබේ.
 
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් නිරාකරනය කරගැනීම මෙහි අරමුණ බවයි.
 
දුම්රිය වෘත්තීය සමිති 19ක් ඒ්කාබද්ධව මෙම තීරණයට එළඹි බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති මීට එක්වන බවත් ඔහු අවධාරණය කළේය.
 
  පහුගිය යහපාලන රජය සමයේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඔ්මන්තෙයි දක්වා කිලෝමීටර් 131ක දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ගලවා ඉවත් කර එම මාර්ගයම අලුතින් සකස් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බවත්, ඉන්දියානු සමාගම් සමග ගිවිසුම් ගතව එය ක්‍රියාත්මක මට්ටම දක්වා පැමිණ ඇති බව දොඩංගොඩ මහතා පෙන්වා දුන්නේය.
 

මෙලෙස මහජන මුදල් කාබාසිනියා කරන ව්‍යාපෘතිය නතර කළ යුතුව ඇති බවත්, එය තමන්ගේ ප්‍රමුඛ ඉල්ලීමක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.