දුම්රිය සංකේත වැඩවර්ජනයට මොකද වුණේ?

දුම්රිය සංකේත වැඩවර්ජනයට මොකද වුණේ?

දුම්රිය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් ඒ්කාබද්ධව සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කරනු ලැබුවේ විදෙස් ණය රැගෙන රටේ ණය බර තවත් වැඩිකරමින් ඒකී ඵලදායි නොවන ලෙස නිකරුනේ වියදම් කිරීමට කටයුතු කරමින් සිටින නිසා බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ පවසයි. කෙසේ වෙතත් පසුව විෂය බාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවක් නිසා එකී සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව සඳහන්ය. මේ පිළිබඳව 'වැඩබිම' කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය.

"ඕමන්තෙයි සිට මහව දක්වා කි.මි 131ක් නැවත හදන්න පහුගිය රජය සමයේ තමා මෙම ව්‍යාපෘතිය ආරම්භ වුණේ. ඒනම් සැලසුම් ආරම්භ කර තිබුණේ ඒ් කාලෙ. දැනට පවත්නා මාර්ගය මුළුමනින්ම ඉවත් කොට ඒම මාර්ගයම අලුතෙන් සකස් කිරීම තමා මෙහි අරමුණ. රටට ලැබෙන ණයක් විදිහට ඩොලර් මිලියන 100ට වැඩි ප්‍රමාණයක් මේ සඳහා වැය වෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන පාලම්, මාර්ගය ආශ්‍රිත අතුරු මාවත් (ලූප් මාර්ග), ඒ් ආශ්‍රිත අත්‍යවශ්‍යයෙන් කළ යුතු බොහෝ කාර්යයන් ව්‍යාපෘතියේ කාර්යයන්ට අදාළ කරගෙන නෑ. මෙවැනිම ව්‍යාපෘතියක් 2015ට කලින මාතර සිට දකුණු කළුතරට කළා. ඒහිදී අපට අත්වෙච්චි අලුත් ප්‍රතිලාභයක් නෑ. ඒ්ක සිදුකළේ දුම්රිය ගමන වේගවත් කිරීමට. ඒ්ත් ඒ්ක සිද්ධ වුණේ නෑ. ඒකෙදිත් මං කීව පාලම්, සංඥා පද්ධති නවීකරණය නොකිරීම, ලූප් මාර්ග නොසෑදීම, මාර්ගයේ ප්‍රධාන වංගු නවීකරණය නොකිරීම ආදී කරුණු ගණනාවක් නිසා දුම්රිය ධාවන කාලය අඩු කර ගැනීමට හැකිවී නෑ. එදා මාතරට කෝච්චියක් ගිය වෙලාවටම තමා අදත් යන්නෙ."

මේ අකාරයට සාර්ථක ප්‍රතිඵල අත් නොවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබියදීම මේසා වියදමක් දරා මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ඇත්තේ මන්ද? දොඩංගොඩ මහතා මෙසේද සඳහන් කළේය.

"මේ වගේ මුදලක් ණය ආධාර හැටියට අරන් වියදම් කරලා මුදල් නාස්ති කරන ඒකේ කිසිම තේරුමක් නෑ. අපි රටක් හැටියට ඒ් මුදල් ගෙවන්නත් ඔ්න. තියෙන පාර ඒ් විදිහටම තියෙන්න ඇරලා ද්විත්ව මාර්ගයක් හැටියට ඒ් මුදලින් මාර්ගය සංවර්ධනය කළ යුතු බව තමා අපේ යෝජනාව. මහව - ඔ්මන්තෙයි අතර ඒසේ කළොත්, ඒ් වෙනුවෙන් ඉඩම් අත් පත් කරගැනීම පවා ලොකු ප්‍රශ්නයක් නෑ. ඒහෙම කළොත් දැන් ධාවනය කරනවාට වඩා දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන්නත් පුළුවන්. මාර්ග දෙකක් තියෙන නිසා ගැටළුවක් නෑ. මේ මාර්ගය අබලන් වුණාම, දුම්රිය ධාවනයට බාධාවක් කර නොගෙන අර මාර්ගය භාවිතා කරමින් මේක අලුත්වැඩියා කරන්නත් පුළුවන්. ඒ්ත් මේ යන විදිහට තියෙන මාර්ගයම ගලවා අලුතෙන් සකස් කිරීමේදී අවුරුද්දකට වැඩි කාලයක් සම්පූර්ණයෙන් මාර්ගය වසා දමන්නට සිද්ධවෙනවා. ඒ් මාර්ගය නොවසා ඒසේම තිබියදී වෙනම මාර්ගයක් ලෙස සකස් කළ යුතුයි."

මෙම යෝජනා සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාර දැක්වූ නමුත් ගැටළුවක් පවතින බව සැබෑවකි.

"සාක්චඡාවක් දුන්නා. ඇමතිතුමා වුණත් සිදුවිය යුත්තේ අප යෝජනා කරන දේ තමා කියන අදහසේ ඉන්නවා. ඒ්ත් ඒ්ක ක්‍රියාත්මක කිරීමට නොහැකි මොකක් නමුත් ගැටළුවක් තියෙනවා. විසඳනවා කියලා ක්‍රියා මාර්ගයක් ගන්නෙ නැතිනම් අපට මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බව අපි දැනුම්දුන්නා. මේකෙ අපකීර්තිය එල්ල වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවටමයි. දැනට අමාත්‍යවරයාගේ උපදේශකවරයෙකුටයි, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාටයි මේ පිළිබඳ සොයා බලා කළ හැකි වඩා සුදුසුදේ මොකක්දැයි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් සපයන ලෙස අමාත්‍යවරයා විසින් දැනුම් දී තියෙනවා. ඒ් අනුව මෙම ව්‍යාපෘතිය වෙනස් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පවත්නා හැකියාව පිළිබඳ ඒහිදී සොයා බලා අදාළ යෝජනා කැබිානට් මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ඇමාත්‍යවරයා දැනුම්දුන්නා. ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට හෝ මහව-පොල්ගහවෙල කොටසට ආදේශ කිරීමට තමා අපි යෝජනා කළේ"

මෙම මාර්ග සංවර්ධන යෝජනාවට අමතරව තවත් ගැටළුවක් පිළිබඳ දුම්රිය වෘත්තීය සමිති ඒකමුතුවේ අවධානය යොමුවී තිබේ. ඒ් දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියයි. ඒ් පිළිබඳවද , දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා කරුණු දැක්වීය.

" දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ‍නවීකරණය කිරීම සඳහා යෝජිත ව්‍යාපෘතියත් ඒවැනිම අසාර්ථක ව්‍යාපෘතියක්. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඩොලර් මිලියන 22ක් වියදම් කිරීමට අපේක්ෂිතයි. සැලසුම් පරීක්ෂා කර බැලුවාම සමස්ත ක්‍රියාවලිය විමර්ශනය කළාම ඒ්ක ඵළදායි වෙන්නෙ නෑ. දුර්වලතා ගොඩක් තියෙනවා. කොන්ත්‍රාත්තුව බාරදී ඇති චීන සමාගමේ නියෝජිතයින් පවා ගැටලු සහගතයි. ඒ් අය සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් වත් නෑ. මේ පිළිබඳව ටෙලිකොම් සමාගම වඩා සාධනීය යෝජනාවක් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. අපි කියන්නෙ අර සම්බන්ධ කර ගැනීමට පවා අපහසු කොන්ත්‍රාත් සමාගමට වඩා දේශීය සමාගමක් වන ටෙලිකොම් වෙත ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවයි. මොකද ඒ් අය මූලාරම්භයේදී මුදලක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මේක ක්‍රියාවට නංවා ක්‍රියාත්මක වෙමින් යද්දී තමා යම් කොටස් මුදලක් බලාපොරොත්තු වෙන්නෙ. විදේශ ණය බර වැඩිවෙන්නෙත් නෑ. රජයේ සම්බ්නධයක් ඇති වගකිව යුතු සමාගමක්. චීන සමාගම වගේ අන්තර්ස්ධාන වී ඇති එකක් නෙවෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ඒකත් එක්ක යා යුතුයි. මේ කාරණයටත් ඇමතිතුමා එකඟයි. නමුත් කුමක් හෝ හේතුවකට පස්ස ගහනවා. ඒ්ත් අපි අවධානයෙන් ඉන්නවා"

 

-පී.ඩබ් මුතුකුඩආරච්චි