ගුරු – විදුහල්පතිවරුන්  අනුරාධපුරේදී දැවැන්ත විරෝධතාවයක

ගුරු – විදුහල්පතිවරුන්  අනුරාධපුරේදී දැවැන්ත විරෝධතාවයක
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් ජනවාරියේ සිට දීමට පොරොන්දු වූ අතුරු දීමනාව ගෙවීම රජය පැහැර හැරීමට එරෙහිව ඊයේ  (24) දින පස්වරුවේ දී අනුරාධපුර නගරයේ ඩී.එස් සේනානායක වටරවුමේ දී ඔවූහු උද්ඝෝෂණයක නිරත වූහ.
 
අනුරාධපුර, ඩී.එස් වටරවුම අසළට එක්වූ අති විශාල ගුරු හා විදුහල්පතිවරු පිරිසක් විවිධ සටන් පාඨ හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැයකයට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරතවූ බව අප වාර්තාකරු පවසයි.
 
පසුව පා ගමනින් බැංකු පෙදෙස දක්වා ගමන් කර ඔරලෝසු කණුව ඉදිරිපිට රැස්වීමක්ද පැවැත්වීමට කටයුතු කළහ.
 
උද්ඝෝෂණය සඳහා ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ශ්‍රී ලංකා විදුහල්පති සංගමය ඇතළු සංගම් රැසක සාමාජිකයන් එක්ව සිටියහ.
 
152957352 1561976623991778 8257252886342796220 o
 152037104 1561976493991791 6489704378713509304 o