ඉංජිනේරු සංස්ථා සේවක මාරුකිරීම් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

ඉංජිනේරු සංස්ථා සේවක මාරුකිරීම් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

ඉංජිනේරු සංස්ථා සේවක පිරිසක් වෙත දේශපාලන පළිගැනීම් ලෙස ලබා දී තිබූ ස්ථාන මාරු කිරීම් අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (23) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.

වෘත්තීය සමිති නායකයින් ඇතුළු ඉංජිනේරු සංස්ථා සේවකයි 6 දෙනෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 ක් සලකා බැලීමෙන් අනතුරුව ඒවා විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝගය නිකුත්කර තිබේ.

බුවනෙක අළුවිහාරේ, ඒ. එල්. එස්.ගුණරත්න, ඊ. ඒ. ජී.ආර්. අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදුව ඇති අතර පෙත්සම්කාර ඉංජිනේරු සංස්ථා සේවක පිරිස වෙනුවෙන් නීතීඥ එම්.කේ. බී. රම්සීන්, නුවන් බෝපගේ සහ මනෝජ් ජයසේන යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකාර ඉංජිනේරු සංස්ථාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජිනසේන මහතා සමග නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥමහතුන් පිරිසක් පෙනීසිටියහ.