තැපැල් සේවා නිලධාරි තනතුර පත්කිරීමට ලකුණ ලබාදීමේ ක්‍රමයට විරෝධය

තැපැල් සේවා නිලධාරි තනතුර පත්කිරීමට ලකුණ ලබාදීමේ ක්‍රමයට විරෝධය

III වන ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරට පත් කර ගැනීමට අදාළ සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු ලබාදීමට කරමින් ඇති යෝජනාව සම්බන්ධව එයට විරෝධය පළකරමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2021.02.17 වන දින නියෝජ්‍ය පොස්ට් මාස්ටර් ජනරාල් පාලන තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද තැපැල් සේවා නිලධාරි බඳවා ගැනීමේ පටිපාටියේ සංශෝදන සම්බන්ධව වෘත්තීය සමිති සමඟ කරන ලද සාකච්චාවේදී තැපැල් විෂය භාර ගරු ඇමතිතුමා විසින් III වන පෙලට නිලධාරි බඳවා ගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව තැපැල් පරිපාලනය දැනුම් දෙන ලදි. එහිදී එම යෝජනාවට ලංකා තැපැල් සේවා සංගමය ලෙස අපද අනෙකුත් වෘත්තීය සමිති ද ඒ සඳහා අකමැත්ත හා විරෝධය පල කර සිටින ලදි.

විවෘත තරඟ විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයින් මෙම සම්මුඛ පරීක්‍ෂණයට කැදවන ලද අතර, එම අයට නැවත ලකුණු ලබා දීම යනු මෙම තරඟ විභාගයට තිබෙන අගය වටිනාකම පහතට ඇද දැමිමක් සේම තරඟ විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නා සුදුස්සන් හට බලවත් අසාධාරණයක් වනු ඇත. කසිදු බලපෑමකින් තොරව ස්වාධීනව තැපැල් දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය සේවයට එක් වීමට ඇති අවස්ථාවද අහිමි වනු ඇත. මෙහි තිබෙන ස්වාධීන බව නැති කරමින් දේශපාලන අතපෙවීමකට ඉඩ විවර කර ගැනීමක් මින් සිදුවේ. ඒ අනුව මෙම යෝජනාවට අපගේ දැඩි විරෝධය පල කර සිටින අතර, මෙම විවෘත තරඟ විභාගය තවදුරටත් ප්‍රමාද නොකර තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරි පුරප්පාඩු පියවා ගැනීමට විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සඳහා අවශ්‍ය ඉඩ ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.