‘‘වැඩකරන කාන්තාවෝ’’ මංගල සමුළුව හෙට

‘‘වැඩකරන කාන්තාවෝ’’ මංගල සමුළුව හෙට

අප රටේ ශ්‍රමය වගුරන කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් විශ්වාසනීය නායකත්වයක්, සටන්කාමී මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරි කරගත් වෘත්තීය සමිති ක්‍රියාකාරිනියන්ගේ ‘‘වැඩකරන කාන්තාවෝ’’ එකමුතුවේ මංගල සමුළුව සහ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ උත්සවය මාර්තු මස 08 උදේ 10 ට දෙහිවල, නගර සභා පටුමගේ, අංක 10 ස්ථානයේ පිහිටි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.

මෙම උත්සව අවස්ථාවට ආරාධිතයින් ලෙස අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ලංකා සේව්‍යයන්ගේ සම්මේලනය සහ කාන්තා ක්‍රියාකාරි සංවිධානවල නියෝජිතවරියන් ද සහභාගි වන බව එහි ජාතික කමිටු සංවිධානය දන්වයි.