දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මඟීන්ට විශේෂ සිහිකැඳවීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන්  මඟීන්ට විශේෂ සිහිකැඳවීමක්

කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (11) සිට ලබන 14 වැනිදා දක්වා කටුනායක දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

හෙට පෙරවරු 8.00 සිට ලබන 14 වැනි ඉරිදා රාත්‍රී 8.30 දක්වා මෙලෙස කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ඉදිකෙරෙන ද්විත්ව මාර්ගයේ සංවර්ධන කටයුත්තක් සදහා මෙලෙස දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි.

ඒ අනුව අද (11) සිට ලබන 14 වැනිදා දක්වා කොළඹ – කටුනායක දුම්රිය ස්ථාන අතර දිනකට දුම්රිය 18ක් පමණ ධාවනය වනු ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.