හෙට සිට රාජ්‍ය ආයතනවල සිදුවෙන වෙනස්වීම මෙන්න!

හෙට සිට රාජ්‍ය ආයතනවල සිදුවෙන වෙනස්වීම මෙන්න!
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මා කරන රාජ්‍ය ආයතන විමර්ශණ වැඩසටහනේ පළමු අදියර හෙට දිනයේ ආරම්භවීමට නියමිතව පවතින බව සඳහන්.
 
මෙම විමර්ශන වැඩසටහන දියත්කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස දක්වන්නේ රාජ්‍ය ආයතනයන්හි වැරදි අවම කර ගැනීමත් ඒ තුළින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමයි.
 

එළැඹෙන 19 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් සෘජු පරීක්ෂාවට ලක්කරන අතර ග්‍රාම නිලධාරී කාර්යාල අහඹු පරීක්ෂාවට ලක්කිරීමට නියමිතයි.

රාජ්‍ය ආයතන ජනතාවට නිසි පරිදි සේවාවන් සපයන්නේද යන්න සොයා බැලීම මෙහිදී සිදුවෙන අතර විමර්ශන කටයුතු සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් 28ක් යොදවා ඇති බවත් සඳහන්.