GMOA දීපව්‍යාප්ත වර්ජනයක් ගැන අනතුරු හඟවයි

GMOA  දීපව්‍යාප්ත වර්ජනයක් ගැන අනතුරු හඟවයි
සෞඛ්‍ය සේවා ව්‍යවස්ථාව සශෝධය කරමින් ඉදිරිපත් කර තිබෙන ගැසට් පත්‍රය ඉවත්කර නොගන්නේ නම් යළි දැනුම්දීමකින් තොරව දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය ප්‍රකාශ කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත්කරමින් සංගමය ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා එළැඹෙන 18 වෙනි දින හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා තිබෙන බවයි.
 
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා ව්‍යවස්ථාව සංශෝධනය වෛද්‍ය සේවයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ එකඟත්වයෙන් තොරව සිදුකර තිබෙන බවයි.
 

තවද මෙම සංශෝධනය හේතුවෙන් ගැටළු රැසක් ඇතිවන බවත් සංගමය පෙන්වා දෙයි.