අවුරුදු සමය අතලඟ -මේ නිවේදනය රජයෙන් මහජනතාව වෙතයි

අවුරුදු සමය අතලඟ -මේ නිවේදනය රජයෙන් මහජනතාව වෙතයි
එළැඹෙන අළුත් අවුරුදු සමයේ ස්වයං සංචරණ සීමා පනවාගනිමින් කටයුතු කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්වය සචරණ සීමා පනවා ගැනීම අතිශය වැදගත් වන බවයි රජය විශේෂයෙන් නිවේදනය කර ඇත්තේ.
 

එම කාලසීමාවේදී කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සදහාගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඊයේ (16) පැවතිකැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ    මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත.