ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලිය සහ ඉන්දියාවේ කොවිෂීල්ඩ් වෙනුවට, චීන වැක්සීනයට පාර කැපීම එක හස්තයක වැඩක්ද?

Ravi-Kumudesh

ඖෂධ නියාමන අධිකාරිය මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඖෂධ ව්‍යාපාරිකයින් නියාමනය කරනවා වෙනුවට, ව්‍යාපාරිකයන්ගේ වුවමනාව සඳහා පවතින නීතිය යාමනය කිරීමට උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලිය, චීන ප්‍රතිශක්තිකරන එන්නත මෙරටට ගෙන්වීම සදහා ඇති ව්‍යාපාරික හදිසියක් නිසා සිදු වන්නක් ද යන්න පිළිබදව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ලෙසත්, වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත් අප විමසිල්ලෙන් පසු වන්නෙමු.

හදීසියේ ලියාපදිංචිය දීමට උත්සාහ දරමින් ඇති චීන එන්නත, තුන්වන අදියරේ පරීක්ෂණ නොකරන ලද හෝ ඒ පිළිබද නිශ්චිත පරීක්ෂණ වාර්තා නොමැති එන්නතක් බව වාර්ථාවේ. ප්‍රතිශක්තිකරණ එන්නතක තුන්වන පරීක්ෂණ අවධිය යනු ආරක්ෂාව පිලිබඳවත්, එන්නතෙහි ක්‍රියාකාරීත්වය පිලිබඳවත්, අතිශයින්ම වැදගත් තහවුරු කිරීම් සිදුවන අදියරයයි. අදාල චීන එන්නහි තුන්වන අදියරේ පරීක්ෂණය දත්ත හෙළිදරව් වී නැත. එසේම,එම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැත. කොවිඩ් පාළණය සදහා එන්නත් කිහිපයක් තිබීම වැදගත් වුවද, නිෂ්පාදනයේ මුලින්ම සිටින එන්නත් මගහැර තුන්වන අදියරේ පරීක්ෂණ පවා සිදු නොකරන ලද එන්නතක් සඳහා ලියාපදිංචිය ලබා දීමට මෙතරම් විශාල උනන්දුවක් දක්වන්නෙ කිනම් හේතුවක් නිසාද යන්න පැදිලි නැත. තවද, වාර්තා වන අන්දමට මෙම එන්නතෙහි මිල ද සිව් ගුණයකින් පමණ වැඩි විය හැකි බවට ගණනය කර ඇති අතර, එන්නත සමග කටයුතු කරන දේශීය සමාගම පිළිබඳව ද පැහැදිලි හෙළිදරව් කිරීමක් සිදුවී නැත.

වසංගතය පාලනය කිරීමේ මුවාවෙන් එන්නත් මාෆියාවේ නව දොරටුවක් විවර කර ගැනීම සඳහා දේශපාලන බලයද උපයෝගී කරගනිමින් කටයුතු කරන්නේද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇත. කොවිෂීල්ඩ් හරහා ඉන්දියානු එන්නතට ලැබී ඇති වටිනාකම මකා දමමින් එය චීනයට ලබාදීම සදහා සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ අත පෙවීමක් ද මේ හරහා සිදුවිය හැකි බැවින්, චීන වැක්සීනය ලහි ලහියේ ලියාපදිංචිය සදහා දක්වන හදිසිය පිළිබදව ජනාධිපති පෙන්වන හදිසිය පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ අවධානය යොමු කළ යුතු බව අපි අවධාරණය කරමු.

රාජතාන්ත්‍රික එන්නත් තරඟයේ දී, රට වෙනුවෙන් අප සිදුකළ යුත්තේ තත්වයෙන් උසස් වඩා උසස්, ආරක්ෂාකාරී, සහ ලාභදායී එන්නතක් මහජනතාවට ලබා දීම සදහා ලබාදීමලියාපදිංචි කටයුතු නියාමනය කිරීම මිස, වැඩි මිලකින් යුතු මට්ටම ඒ පිළිබඳව රෝම ඇති රට තුළට ගෙන්වා ගැනීම සදහා අනවශ්‍ය කලබලයක් ඇති කරමින්, ඒ සඳහා ස්වාධීන භාවිතාවක් තිබිය යුතුය ඒ සදහා ගත හැකි ඉදිරිගාමී විකල්පය ඖෂධ නියාමන අධිකාරියේ තනතුරු දේශපාලන වුමණාවන් මත, පෙරළා දැමීම නොවන බව ද අප පෙන්වා දෙමු.

රවී කුමුදේශ්