පස්සාදොරෙන් විදුහල්පති තනතුරු දෙනවාට ගුරු-විදුහල්පතිවරු විරෝධයක

teachers-demo

විභාග නොපවත්වා විදුහල්පති සේවයට 4600 ක් සහ අධ්‍යාපන පරිපාලන සේවයට 300 පත් කිරීමට යොමු කර ඇති කැබිනට් පත්‍රිකාවලට විරෝධය පළ කරමින් එම කැබිනට් පත්‍රිකා ඉවත් කිරීමට බල කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥයින්ගේ සේවයේ, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ හා ගුරු සේවයේ වෘත්තීය සමිති එක්ව 2021.03.19 දින පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කර ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පා ගමනින් ගොස් මෙම විරෝධතාව දැක්වීය.

එම අවස්ථාවේ ආණ්ඩුවේ පොදුජන පෙරමුණ වෘත්තීය සමිති විසින් වැඩබලන විදුල්පතිවරු ගෙන්වා මෙම උද්ඝෝෂණයට එරෙහිව විරෝධතාවයක නිතර වීම දක්නට ලැබුණි.

පොලීසිය විසින් එම උද්ඝෝෂණය ආරක්ෂා කරමින් ඉහත කැබිනට් පත්‍රිකාවලට විරෝධය දැක්වූවන්ට දැඩි බාධා කිරීම් සිදු කරන ලදී. එම අවස්ථාවේ පොලීසිය පහරදීමෙන් ලංකා ගුරු සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපති සමන් මඩලකන්ද මහතාගේ ඇසට තුවාල සිදුවීම නිසා රෝහල්ගත කිරීමට ද සිදු විය.

දැඩි පොලිස් බාධා නොතකා ඉසුරුපාය අධ්‍යාපන ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.