සිංහල හින්දු අලුත් අවුරුද්දට කොවිඩ් නීති අලුත්වෙන ලකුණු

සිංහල හින්දු අලුත් අවුරුද්දට කොවිඩ් නීති අලුත්වෙන ලකුණු

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් ළගදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා සදහන් කළේ ඒ සදහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බවයි.

කොවිඩ් – 19 වසංගත ව්‍යාප්ති තත්ත්වයේ වෙනසක් ඇති වුවහොත් සෞඛ්‍ය මාර්ගෝපදේශන නැවත වෙනස් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පැවසීය.

කොවිඩ් වසංගත හේතුවෙන් මේ වන විට පනවා ඇති සෞඛ්‍ය නීති ලිහිල් කිරීමත් සමග ඉන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ වගකීමෙන් භුක්ති විදිය යුතු බවත්, එසේ නොවූ විට නිරෝධායන නීති පෙර තිබූ ආකාරයට දැඩි කිරීමට සිදුවන බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කරයි.

උපුටා ගැනීම -අරුණ