උපාධිධාරින්ගේ නොවිසිඳුනු ගැටළු ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලයි

chandana-suriyarachchi

රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගැනීමේ දී මෙතෙක් නොවිසඳුණු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන වන්නේ,

2019.12.31 දිනට උපාධිය වලංගු දිනය සහිත උපාධිධාරීන් අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ වැඩ පිළිවෙල මේ දක්වා නිශ්චිතව අවසන් නොවී ඇති බව පැහැදිලිය.

2020 පෙබරවාරි 07 දින අයදුම්පත් කැඳවීම, 2020 මාර්තු 02 අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම, 2020 අගෝස්තු 16 දින ලබා දුන් පත්වීම් අවලංගු කර යළි පත්වීම් ලබා දීම, 2020 නොවැම්බර්, 2020 දෙසැම්බර්, 2021 ජනවාරි සිට මාර්තු දක්වා වරින් වර අදාළ වැඩ සටහන සම්බන්ධයෙන් සිදුවීම් සිදුවීමත් සමඟ අදාළ වැඩ පිළිවෙළ නිශ්චිත පැහැදිලිව 2019.12.31 දිනට සුදුසුකම් සහිත උපාධිධාරී සියලූ දෙනාටම විසඳුමක් නොලැබීම හේතුවෙන් අදාළ වැඩ පිළිවෙල ව්‍යාකූල තත්වයට පත්ව ඇත.

උපාධිධාරීන් 1999 සිට වරින් වර බඳවාගෙන ඇති අතර මේ තරම් සංකීර්ණ තත්වයක් හා සුදුසුකම් තිබියදීත් මේ දක්වා තමන්ව තෝරා නොගන්නේ ඇයිද යන්න ප‍්‍රශ්නවලට පිළිතුරු නොමැතිව ගැටළුවලට මුහුණදෙන තවත් උපාධිධාරී බොහෝ පිරිසක් වෙති.

2020.09.15 දිනට රැකියාවලින් ඉවත් වූ ඌන සේවා උපාධිධාරීන් පිරිසකට අභ්‍යාසලාභී අවස්ථාව හිමිව ඇති අතර ඌන සේවා උපාධිධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය අනුගමනය කළ සැඟවුණු ප‍්‍රතිපත්තිය හේතුවෙන් ඌන සේවා උපාධිධාරී පිරිසකට ද දැඩි අසාධාරණයක් සිදුව ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත විදෙස් උපාධි සහිත උපාධිධාරීන්ට 1999 සිට බඳවාගැනීම්වල දී අවස්ථාව හිමි වූ අතර මෙවර 2020 වර්ෂයේ බඳවා ගැනීමේ දී සිදුකර ඇති කප්පාදුව හේතුවෙන් ඔවුහූ ද දැඩි අසාධාරණයකට ලක්ව ඇත. ඒ අනුව,

2. 2019.12.31 දිනට උපාධිය වලංගු දිනය සහිත 2021 මාර්තු 18 සුදුසුකම් නාම ලේඛනයේත් නම් සඳහන් නොවන උපාධිධාරීන් පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර

3. 2020.09.15 ඉවත් වුවහොත් ඌන සේවා උපාධිධාරීන්ට අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරී තනතුර හිමි වන බව අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් නොදීම නිසා පිරිසකට සිදුව ඇති අසාධාරණයත් නොනිල ලෙස දැනුවත්ව ඌන සේවා උපාධිධාරී පිරිසකට රැකියා අවස්ථා හිමි හා හිමි නොවූ උපාධිධාරීන්ට සාධාරණ විසඳුමක්

4. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචිය හා අනුමැතිය සහිත විදෙස් උපාධි ලබා ඇති ලාංකීය උපාධිධාරීන් පිරිසකට සිදුව ඇති අසාධාරණය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග

යන ඉහත ගැටළු සම්බන්ධයෙන් විධිමත්ව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් දිනයක් හා වේලාවක් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය ලෙස ඉල්ලා සිටිමු.