කම්කරු ඇමති වෘත්තීය සමිති නියාමනය කිරීමට සැරසෙයි?

කම්කරු ඇමති වෘත්තීය සමිති නියාමනය කිරීමට සැරසෙයි?
මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතු බවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පසුගියදා ප්‍රකාශ කර තිබේ.
 
දඹුල්ල නගර මධ්‍යයේ විවෘත කෙරුණු නව කම්කරු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ ප්‍රකාශය කර ඇත.
 
තවද, වෘත්තීය සමිතිවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමට වෘත්තීය සමිති ආඥා පනතද සංශෝධනය කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.