ගැටළු විසඳන ලෙස ඉල්ලා හෝටල් සේවකයින්ගෙන් උද්ඝෝෂණයක්

ගැටළු විසඳන ලෙස ඉල්ලා හෝටල් සේවකයින්ගෙන් උද්ඝෝෂණයක්

අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් අද දින (30) හෝටල් සේවකයින්ගේ උද්ඝෝෂණය මාතර දික්වැල්ල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව සංචාරක ව්‍යාපාරයේ සේවයේ නියුතු සේවකයින් මුහුණුපා තිබෙන ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබීම සහ රැකියා අනාරක්‍ෂිත භාවය නිසා මතුව ඇති අර්බූදකාරි තත්ත්වයට විසඳුම් ලබාදීමට මැදිහත් වන ලෙස ආණ්ඩුවට බලකරමින් සංචාරක ක්‍ෂෙත්‍රයේ සේවයේ නියතු සේවකයින් මෙම උද්ඝෝෂණය පවත්වනු ලබන බව දක්වා ඇත.