උපාධිධාරීන් බඳවා ගැනීමත් ඔවුන්ට හිමි වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක්

උපාධිධාරීන් බඳවා ගැනීමත් ඔවුන්ට හිමි වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක්

ඉංජිනේරු උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනිමේදී සම වැටුප් තලයක් සකස් කරන ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ඉල්ලා සිටියි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (27දා) දඹුල්ල නව කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවයෙන් පසු පැවැති ප්‍රගතිසමාලෝචන රැස්වීමේදීය. එහිදි හෙළිවු කරුණු පිළිබඳ අදහස් දැක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

නව වැටුප් තල සකස් කරන තෙක් වාරිමාර්ග හා කම්කරු දෙපාර්තමේන්තු යන ආයතනවලට ඉංජිනේරු උපාධිධාරීන් එන්නේ නැහැ. ඒ අය නිතරම උනන්දු වන්නේ විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ඛනිජතෙල් සංස්ථාව වැනි වැටුප් වැඩි හා වරප්‍රසාද වැඩි ස්ථානවලට යන්නයි.

 
 

මධ්‍යම පළාතටම සිටින්නේ එකම කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරියක් පමණයි. මේ අයට කාර්යාල පහසුකම් නැහැ. බොහෝ ස්ථානවල ජ්‍යෙෂ්ඨ කම්කරු නිලධාරි පත්වීම් දී නැහැ. මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවට කළමනාකාර සහකාරවරුන් දෙසිය හැත්තෑ අටක් ඉල්ලා තිබෙන අතර එම තනතුරට අවශ්‍ය සේවක ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකියි. ඒ අනුව මින් ඉදිරියේදී රට පුරා තිබෙන සියලුම කම්කරු කාර්යාල වෙත දන්වා හෝ නොදන්වා මම පෞද්ගලිකවම කරුණු සොයා බැලීමට යනවා.

මෙතෙක් ඉතිහාසයේ මධ්‍යම පළාත තුළ කම්කරු ඇමැති, අමාත්‍යාංශ ලේකම් හා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා එකට සිට ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙය බව පැවසූ එම ස්ථානය පැමිණ සිටි නිලධාරීහූ එම තිදෙනාටම ගෞරවය හා ප්‍රශංශාව පළ කළහ.