EPF දායක මුදල් ලබා ගන්න පහසු මඟක් -සේව්‍ය අංකය,B කාඩ්පත් ඕනිම නෑ

EPF දායක මුදල් ලබා ගන්න පහසු මඟක් -සේව්‍ය අංකය,B කාඩ්පත් ඕනිම නෑ
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට සේව්‍ය සේවක අකය වෙනුවට ජාතික හැඳුනුම්පතේ අංකය ලබා දීම සඳහා අර්ථසාධක අරමුදල් පනතට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
 
එම නව සංශෝධනයට අනුව මුදල් ලබා ගැනීම සඳහා සේව්‍ය අංකය මෙන්ම බී කාඩ්පතද අවශ්‍ය නොවෙන බවයි සඳහන් වෙන්නේ.
 
ඒ අනුව තම ජාතික හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට සේවකයින්ට අවස්ථාව සැලසෙනු ඇත.
 
වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුව සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙන අතර මුදල් ලබා ගැනීමට යාමේදී සාමාජිකයා හෝ කලත්‍රයා අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහා ‍මෙලෙස සංශෝධන සිදුකරන බවයි කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.
 

තවද සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් සඳහන්.