අද රාත්‍රියේ තැපෑල ලෙඩ වෙයි

postel

ඉහත සංවිධානය මගින් අද දින 2021.03.30 මධ්‍යම රාත්‍රි 12.00 පැයේ සිට 2021.03.31 මධ්‍යම රාත්‍රි 12.00 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට කටයුතුකර ඇත.ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සියළු තැපැල් සේවකයින් මෙම ක්‍රියා මාර්ගය හා එක්වන බව ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වෘත්තීය සමිති ඉල්ලීම් පහත සඳහන් පරිදි වේ.

  1. තැපැල් දෙපාර්මේනිතුවේ නිළධාරීන් බදවා ගානීමේදී දැනට අනුගමනය කරන විභාග ක්‍රමයට අමතව යෝජනා කර ඇති සම්මුඛ පරීක්ෂණ ක්‍රමය වහාම ඉවත් කිරීම,
  2. තැපැල් දෙපාර්මේනතුවෙි බදවා ගැනීම් පරිපාටි සකස්කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කර ක්‍රියාත්මක කිරීම,
  3. උප තැපැල් ස්ථානාධිපතිවරුන් බදවා ගැනීමේදී අත්තනෝමතික ලෙස බදවා ගැනීම් පරිපාටි සංශෝධනය කිරීම,
  4. සියළු ශ්‍රේණින්වල බදවා ගැනීම් පරිපාටි පෞද්ගලික අවශ්‍යතා මත සංශෝධනය කිරීම නතර කරන ලෙස ඉල්ලීම,
  5. සේවක අතිකාල හා සේවා වාර අත්තනෝමතික ලෙල කප්පාදු කිරීම නතර කරන ලෙස ඉල්ලීම,
  6. අත්තනෝමතික ලෙස සිදුකරන නිළධාරී මාරු කිරීම් වහා නතර කරන ලෙස ඉල්ලීම, ඉදිරිපත් කර ඇත.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය පිළිතුරු නොලැබුනහොත් රාජ්‍ය සේවයේ සමස්ථ සේවකයින් සමග මෙයට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කර ඇත.