රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් සුබ පණිවිඩයක්

රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් සුබ පණිවිඩයක්
ආර්ථික තත්ත්වය, තරාතිරම, පදිංචි ස්ථානය වැනි සාධක නොසලකා සියලු දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබා දීම රජයේ මූලික අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
 
පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් රැස්කිරීමේ ඩිජිටල් මෙවලම (NEXT) ඉගෙනුම වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පැවසීය.
 
පෙරපාසල් අධ්‍යාපනය, ප්‍රාථමික, ද්වීතික සහ තෘතීය අධ්‍යාපනය, උසස් සහ වෘත්තීමය අධ්‍යාපනය යන සියලු ක්ෂ්‍රේත්‍ර සඳහා මෙම නව ප්‍රතිසංස්කරණ යෝජනා සකස්වී තිබෙන බවත් එහිදී සඳහන් කළේය.
 

මෙම අවස්ථාවේදී රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්කෙරුණු අතර ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බවත්  රැකියාව සහ අධ්‍යාපනය් අතර ඇති දුරස්ථභාවය අවම කිරීම සඳහා රජය මේවනවිටත් පියවර රැසක් ගෙන ඇති බවත් ජනපතිවරයා ප්‍රකාශ  කළේය.