පරිපාලන සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරිමට සූදානම් -රජයෙන් නිවේදනයක්

පරිපාලන සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරිමට සූදානම් -රජයෙන් නිවේදනයක්

රාජ්‍ය පරිපාලන සේවයේ දැනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මේවනවිටත් අවශ්‍ය පියවර ගෙන තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ විභාග කිහිපයක ප්‍රතිඵල ප්‍රමාද වීම හේතුවෙන් පරිපාන සේවයේ තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු 400ක් පමණ  දීර්ඝ කාලයක් තිස්සේ පවතින බවයි.
 
කෙසේ නමුත් සමස්තයක් ලෙස බලන කළ ප්‍රාදේශීය ලේකම් තනතුරුවල පුරප්පාඩු නොමැති බවත් ලේකම්වරයා සඳහන් කළේය.
 
ඒ අනුව දැනට පුරප්පාඩු පවතින්නේ අමාත්‍යාංශ කිහිපයක තුන්වන ශ්‍රේණියේ නිලධාරී තනතුරු වල පමණක් බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.