ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි 

ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයාබලා සිය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මුල්වරට රැස්වී තිබේ.
 
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඒ පිළිබඳ සොයාබලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ඊට පැවරී ඇති වගකීම් වේ.
 
වර්තමානය වනවි‍ට ශ්‍රී ලංකාවේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍යම ණය සම්බන්ධව ද කමිටුවේ අවධානය යොමුවී ඇත. 
 
ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍යම ණය නියාමනය කිරීම සඳහා වූ නියාමන අධිකාරිය නැවත බලාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද එහිදී අවධාරණය විය. 
 
තේරීම් කාරක සභාවේ කාර්යභාරය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීම ද මෙහිදී සිදුවී ඇත. 
 
ඒ අනුව රැකියා උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනවිලි විභාගකර බැලීම කමිටුවේ මූලික කාර්යභාරය විය යුතු බවට තීරණය කරන ලදී.
 
වෙනස්කොට සැලකීම කාන්තාවන්ගේ සහ දැරිවියන්ගේ ජීවිත කෙරෙහි ඇතිවන සෘණාත්මක බලපෑම වැළැක්වීම පිණිස  ස්ත්‍රී - පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙනඒම සහතික කරමින් අදාළ නීති පරීක්ෂාකර බැලීම සහ සමාලෝචනය කිරීම මෙම කමිටුවේ තවත් කාර්යභාරයකි.
 
ස්ත්‍රී - පුරුෂ සමාජභාවය අරමුණුකර ගත් සැලසුම් සකස් කිරීම සහ මූල්‍ය සම්පාදනය සහතික කරනු පිණිස අදාළ රේඛිය අමාත්‍යාංශය සහ අධිකාරීන් දිරිමත් කිරීම ද කමිටුව විසින් සිදු කිරීමට නියමිතය.
 
ඊට අමතරව ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ සහ රාජ්‍ය, සිවිල් සමාජ සහ පෞද්ගලික අංශවල තීරණ ගැනීමේ කණ්ඩායම් තුළ, වැඩි කාන්තා නියෝජනයක් ඇති කිරීම සඳහා පෙළඹවීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම කමිටුවේ කාර්යභාරයක් වේ.
 
ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය  - පෞද්ගලික හවුල්කාරීත්වය දිරිමත් කිරීම ද මෙම කමිටුවේ කාර්යයක් වේ.
 
මෙම රැස්වීම කාරක සභාවේ සභාපතිනිය වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණි කවිරත්න, හරිනි අමරසූරිය, මන්ත්‍රීවරුන් වන එම්. උදයකුමාර්, සිවඥානම් ශ්‍රීතරන්, රෝහණ බණ්ඩාර සහ කමිටුවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නි‍යෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

-------