2021 කඩඉම් විභාග තුනක දින නියම කරයි

2021 කඩඉම් විභාග තුනක දින නියම කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021  විභාගය ඔක්තෝබර් මස 4 වැනිදා සිට එම මාසයේ 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා නිවේදනය කර තිබේ.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වැනි දින සහ  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ 2022 වසරේ ජනවාරි මස අවසානයේදීත්  පැවැත්වීමට තීරණය කර  තිබෙන බව ද මහාචාර්යවරයා කීවේය.

 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පාසල් විෂය මාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.