මෙවරත් මැයි පෙළපාලි හෝ රැලි නැහැ

මෙවරත් මැයි පෙළපාලි හෝ රැලි නැහැ

ලංකාව තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවරත් මැයි දින රැලි හෝ පෙළපාලි නොපැවැත්වීමට සියලු පක්ෂ නායකයින් එකඟතාවය පල කළ ඇත.

ඒ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටී.

මේ සම්බන්ධයෙන් කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් මැයි දින රැලි නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් ද කර තිබුණි.