රැකියා විරහිත උපාධිධාරින්ගේ විරෝධතාවයක් අද

රැකියා විරහිත උපාධිධාරින්ගේ විරෝධතාවයක් අද

උපාධිධාරී බඳවාගැනීම කඩිනම් කිරීම ඇතුළු ගැටළු වලට විසඳුම් ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඒකාබද්ධ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

උපාධිධාරීන් හැට දාහකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ තුළ මේ වනවිට උද්ගතව ඇති ගැටළු පිළිබඳව හා 2020 සිට උපාධිය අවසන් කළ උපාධිධාරීන්ගේ ගැටළු විසඳීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඒකාබද්ධ මධ්‍යස්ථානය අප්‍රේල් මස 22 දින (බ්‍රහස්පතින්දා) පෙ.ව 10.00 ට කොටුව දුම්රිය පොල ස්ථානයට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගොස් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීම හා අදාළ ගැටළු සම්බන්ධයෙන් සංදේශයක් භාරදීම සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.