හෙට සිට රාජ්‍ය සේවකයින් සේවයට එන්නේ මෙහෙමයි - මෙන්න අලුත් නිවේදනය

හෙට සිට රාජ්‍ය සේවකයින් සේවයට එන්නේ මෙහෙමයි - මෙන්න අලුත් නිවේදනය

හෙට (27) සිට රාජ්‍ය සේවක කාර්ය මණ්ඩල කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර ලබා දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

ලේකම්වරයා සඳහන් කළේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

(යාවත්කාලීන කළ පුවත)


පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් කැඳවීම බොහෝ දුරට හෙට (27 වැනිදා) දින සිට සීමා කිරීමට සිදු වනු ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කර තිබේ.

මේ සම්බබන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත් එහි  අවසන් තීරණය අද (26 වැනිදා) හෝ හෙට (27 වැනිදා) ප්‍රකාශ කරන බවත් රත්නසිරි මහතා පැවසීය.
 
මින් පෙරද පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කර තිබිණි.
 
එම වසංගත තත්ත්වය යම්තාක් දුරකට සමනය වීමෙන් පසු රාජ්‍ය අංශයේ සියලු සේවකයන් යළි සේවයට පැමිණියේ පසුගිය මාර්තු මස 08 වැනිදාය. එනම් වසරක කාලයකට පසුවය.