ආසාදිතයින් හමුවන ඇඟලුම් කම්හලක් වසා දමන්නැයි ජනයා ඉල්ලයි

ආසාදිතයින් හමුවන ඇඟලුම් කම්හලක් වසා දමන්නැයි ජනයා ඉල්ලයි
බිංගිරිය විලත්තව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කර්මාන්ත ශාලාව වසා නොදමා තවමත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අද (26) විරෝධය පළකර තිබුණි.
 
ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් අමතර කණ්ඩායම්ද එහි කැඳවීමට සිදුව තිබේ.
 
කෙසේවෙතත් ඉහළ පාලනාධිකාරිය සමග සාකච්ඡා කර අද පස්වරුවේ තීරණයක් ගැනීමට එම කර්මාන්ත ශාලාවේ උසස් නිලධාරීන් මෙහිදී එකඟතාවය පළකර ඇති බව සඳහන්ය.