රාජ්‍ය අංශයේ ගර්භණී සේවිකාවන් නොසලකා හැරලා

රාජ්‍ය අංශයේ ගර්භණී සේවිකාවන් නොසලකා හැරලා

රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ : 02/2021(i) රාජ්‍ය සේවයේ රාජකාරී කරන ගර්භණි කාන්තා නිලධාරීන් නොසලකා හැරීම සම්බන්ධව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය කඩිනම් සහනයක් ඉල්ලා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරය වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පවතින කොවිඞ් - 19 වෛරස් තත්ත්වය සැලකිල්ලට ගෙන ඔබතුමා විසින් පසුගියදා චක‍්‍රලේඛයක් ඉදිරිපත් කර ඇතත් එම චක‍්‍රලේඛය මගින් සමස්ත රාජ්‍ය සේවයේ නියුතු ගර්භණි කාන්තා නිලධාරීන් සඳහා පසුගිය අවස්ථාවලදී මෙන් සහනයක් ලබාදී නොමැත.

02. රටපුරා කොවිඩ් 19 වෛරසය පැතිර ඇති මේ මොහොතේ ගර්භණි කාන්තා නිලධාරීන් පොදු ප‍්‍රවාහනය භාවිතා කරමින් රාජකාරී වෙත වාර්තා කරන බව ඔබතුමා දන්නා කරුණකි.

03. එසේම රාජකාරී සඳහා සේවකයන් කැඳවීම පිළිබඳ ආයතන ප‍්‍රධානියාට බලය පවරා ඇති බැවින් ඇතැම් ආයතන ප‍්‍රධානීන් චක‍්‍රලේඛය අනුව කටයුතු නොකරන බව අපට දැනගැනීමට ලැබී ඇතග එය බරපතළ තත්වයකි.

04. මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකොට සමස්ත රාජ්‍ය සේවයේ ම නියුතු ගර්භණි කාන්තා නිලධාරීන් සේවා ස්ථාන වෙත කැඳවීම පිළිබඳ පෙර මෙන් සහනයක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.