පාලක පන්තිය විසින් අද සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරනුයේ රාජ්‍යය අනුග‍්‍රහය ඇතිවයි

පාලක පන්තිය විසින් අද සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරනුයේ රාජ්‍යය අනුග‍්‍රහය ඇතිවයි

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයට අප මුහුණ දී සිටින්නේ පෙර කිසිම දිනක අත් නොවිඳි ඉතා අවිනිෂ්චිත හා බලාපොරොත්තු විරහිත වු පසුබිමක සිටයි. මේ වන විට පාලක පන්තිය කමිකරු අයිතිවාසිකමි අමු අමුවේ උල්ලංඝණය කරමින් සිටින්නේ රාජයය අනුග‍්‍රහය ඍජු ලෙස ලබා ගනිමිනුයි. රටේ නීතිය කොල කෑල්ලකට පමණක් සීමා වු තත්ත්වයක් නිර්මාණය වී ඇත. නීතී පද්ධති සකස් වී ඇත්තේ රටක සාමාන්‍යය ජන ජීවිත අඩාල වු තත්ත්වයක් තුල ඒවා සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීම සදහා මාර්ගෝපදේශ සැපයීමට නමුත් මේ වන විට, රටේ එක පන්තියක අවශ්‍යතාවයන් උදෙසා නීතිය දෙබිඩි පිළිවෙතක යොදවා ඇත.

මෑත ඉතිහාස දෙස බැලූ කල පාලක පන්තිය තුල ඇති අමානුෂික පිලිවෙත් පිලිබද උදාහරන ඕනෑ තරම් පවතින අතර ඔවුන් පවතින ඕනෑම තත්වයක් කිසිදු හිරිකිතයින් තොරව තමන්ගේ වාසියට හරවා ගනිමින් සිටී. මීට ඉහත දශකය තුළ සිදු වු ඍඡු සහන අහිමි වූ වහාම පාලකයන් සේවකයින් සදහා ලබා දුන් ආහාර වේලේ සිට අත සෝදන සබන් කෑල්ල දක්වා ටිකෙන් ටික කපා දැමුනු අතර, රජය නිවේදන නිකුත් කරමින් ඒවා ඉවසන ලෙස සේවකයින්ට යෝජනා කරන ලදි. අනතුරුව ඍ ඡු බදු සහන ලැබීම හරහා පාලකයින් දැඩි ලාභ ඉපැයු අතර එම සහන සේවකයින් වෙත ගලා යාමේ ක‍්‍රම දෙවිදියක් සදහා දරන ලද සියළු ප‍්‍රයන්ත අසාර්ථක වීමට, රජය ගෙන ගිය දෙබිඩි හා නිද්‍රාශිලි පිලිවෙන දැඩි රැකුලක් සපයන ලදි. එහිදීද ආණ්ඩුව පෙනි සිටියේ කම්කරුවන්ගේ පාර්ශවයේ නොව පාලකයන්ගේ පාර්ශවයේය.

අනතුරුව පැමැණි කෝවිඩ් ව්‍යාවසන තත්ත්වයතුළ සේවකයින්ගේ තත්ත්වය පවා අසීරු අඩියක් දක්වා තල්ලූ කර ඇත. පසුගිය වසර මාර්තු අගබාගයේ මෙම ව්‍යවසන තත්ත්වය ආරම්භ වත්ම පාලකයන් මුළින්ම සිදු කරනු ලැබුවේ, ඔවුන්ට හිමි බෝනස් මුදල කපා දැමීමයි. බෝනස් මුදල වර්ෂයක් පුරා ඔවුන්ගේ දාඩිය කදුළුවල එකතුව බව සියළු දෙනා දන්නා නමුත් මෙම මුදල සොරා කෑමට ලැජ්ජා වීමට ඔවුන්ට හෘදෂාක්ෂියක් තීබී නැත. ඉන් අනතුරුව මේ දක්වා කොවිඩ් මුවාවෙන් කම්කරුවන් සුරාකෑම පාලක පන්තියේ විලාසිතාව බවට පත් වී ඇති අතර එයට රාජ්‍ය අනුග‍්‍රහය නොඅඩුව ලැබෙමින් පවතී.

පවතින සංඛ්‍යා ලේඛණයන්ට අනුව පාලකයින් තම ආදායම යම් ආකාරයකින් ස්ථාවරව පවත්වා ගෙන යන තත්ත්වයක් පෙන්නුම් කරන අතර, එමෙන්ම සේවකයන් කුඩා ප‍්‍රමාණයකින් අධික නිෂ්පාදන ඉලක්ක ලබා ගැනීම හා උපරිම ලෙස සේවකයන්ගේ කොටස ඔවුන්ගෙන් සූරා කමින් තව තවත් ඔවුන්ගේ මඩිය තර කර ගනිමින් සිටී. මේ සියල්ල ඉදිරීයේ ආණ්ඩුව නිහඩ පිලිවෙතක් අනුගමනය කරනු ලබන අතර, ඔවුන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරනු ලබන්නේ දේශපාලනයකින් යම් ගනුදෙනුවක් නිසාවෙන් පාලකයින්ගේ හස්තයක කොටු වී ඇති බවයි.

ජාත්‍යන්තර කම්කරු දිනය ලෝකයේ බොහෝ කම්කරුවන්, වර්ශයකින් අනතුරුව තමන්ට අනන්‍යය වූ දිනය ලෙස සලකමින් යමි ජවයකින් පෙළ ගැසෙන දිනයකි. මේ වන විට අපට එම දිනයත් අහිමි වෙමින් පවතින අතර අඛංඩව වර්I 03ක් අප එම අත්දැකීමට මුහුණ දෙමින් සිටිනවා.

මෙම අධම පාලඛ පන්තියට, ඔවුන්ට උඩ ගෙඩි දෙන දූෂීත ආණ්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ නැගීටීම විනා වෙන කිසිදු විකල්පයක් මේ වනවිටඅප සතුව නොමැත.

Standup Movement