කොවිඩ් අවදානම නිසා තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා වෙයි

කොවිඩ් අවදානම නිසා තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා වෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන අතර පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

තවද,කොවිඩ් ව්‍යාප්තිය අවදානමක ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කළ බවත් ඒ මහතා පැවසීය.