සෞඛ්‍ය ආයතන වලට එදිනෙදා වියදම් වලට ඍජුවම මුදල් ලබාදෙයි

සෞඛ්‍ය ආයතන වලට එදිනෙදා වියදම් වලට ඍජුවම මුදල් ලබාදෙයි

“ශ්‍රී ලංකා කොවිඩ් හදිසි ප්‍රතිචාර සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතිය“ මගින් සියළුම සෞඛ්‍ය ආයතනවලට වෛද්‍ය වියදම් පියවා ගැනීමට ඍජුවම මුදල් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කර අති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩදුරටත් සඳහන්ව ඇත්තේ,

දිවයිනේ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල රෝහල් ඇතුළු කොවිඩ් නිවාරණ හා ප්‍රතිකාර කටයුතු සිදුකරන ශ්‍රී ලංකාවේ සියළුම සෞඛ්‍ය ආයතනවලට එදිනෙදා  වියදම් පියවා ගැනීමට ව්‍යාපෘතිය මගින් ඍජුවම මුදල් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කල බව ශ්‍රී ලංකා කොවිඩ් හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ , වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

අදාල ආයතනයේ මුදල් වියදම දරන නිලධාරියාගේ ඉල්ලීම පරිදි මුලින් රුපියල් ලක්ෂයක මුදල් අග්‍රිමයක් ලබාදෙන අතර එහි බිල්පත් පියවා අවශ්‍ය නම් මුදල් යලි ලබාගැනීමට හැකි බවත්, වැඩි විස්තර ලබා ගැනීමට එම ව්‍යාපෘතියේ දුරකතන අංක 0112680549 ලබාගත හැකි බව වැඩිදරටත් සඳහන් වේ.