විභාග දෙපාර්තමේන්තුව ගුරු විභාගයක් කල් දමයි

විභාග දෙපාර්තමේන්තුව ගුරු විභාගයක් කල් දමයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දිවයිනේ කොවිඩ් 19 වසංගත තත්ත්වය මත සෞඛ්‍ය උපදෙස් අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යශය පවසයි.

නැවත විභාගය පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බව වැඩිදුරටත් දන්වා සිටී.