වෛද්‍ය රසායනාගාර සේවාව දැරිය හැකි ධාරිතා සීමාව ඉක්මවමින් තිබේ

වෛද්‍ය රසායනාගාර සේවාව දැරිය හැකි ධාරිතා සීමාව ඉක්මවමින් තිබේ

වෛද්‍ය රසායනාගාර වලට දැරිය හැකි ධාරිතා සීමාව ඉක්මවමින් පවතින බැවින්, ඊට අදලව යෝජිත විකල්ප ක්‍රියාමාර්ග ප්‍රමාදවී හෝ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙස අප සියළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ඒ සදහා මධ්‍යගත රසායනාගාර සේවාව ට සමාන්තර වශයෙන්, මුලික රෝහල් හා දිස්ත්‍රික් රෝහල් පදනම් කර ගත් විමධ්‍යගත රසායනාගාර සේවාවකට අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමෙන් පමණක් පරීක්ෂණ ධාරිතාව දෙගුණයකට වඩා වැඩි කල හැකිය.

රෝගීන්ට අදාල පරීක්ෂණ සිදු කිරීමත්, අසාධිතයින් සහ ආශ්‍රිතයින් සොයාගැනීමේ හඹා යෑමේ පරීක්ෂණ සිදු කිරීමත්, රෝග ප්‍රවණතාවය උදෙසා තක්සේරු කිරීම සදහා අත්‍යවශ්‍ය අහඹු පරීක්ෂණ කිරීමත් එකවර සිදු කිරීම, මධ්‍යගත රසායනාගාර සේවාවක් පමණක් පවත්වා ගනිමින්මේ මොහොතේ කිසිසේත්ම කල නොහැකිය.

එනයින් විකල්ප රසායනගාර ක්‍රම ස්ථාපිත කිරීම දිනෙන් දිනම ප්‍රමාද කිරීම බරපතල අර්බුදයකට අතවැනීමකි. එනයින්, මධ්‍යගත රසායනාගාර සේවාව වෙනුවට ඊට සමාන්තර වශයෙන් විමධ්‍යගතව පවත්වා ගත හැකි රසායනාගාර සේවාවක් මූලික රෝහල් හා දිස්ත්‍රික් රෝහල් පදනම් කරගනිමින් වහා පිහිටුවන ලෙසත්, සාම්ප්‍රදායික PCR පරීක්ෂණ වෙනුවට ස්ථානීය ය PCR පරීක්ෂණ, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ, ජංගම රසායනාගාර යන සංකල්ප තුළ කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ආප දැඩිව ඉල්ලා සිටිමු.

මේ පිළිබඳව තාක්ෂණික වාර්තා හතරක් ජනාධිපතිවරයා ඇතුළු පාර්ශවයන් වෙත මේ වන විටත් ඉදිරිපත් කර ඇති නමුත් තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව අප ලැජ්ජාවට පත් වන්නෙමු. කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය උද්දච්ච ස්වභාවය මහජනතාවට හානිකර තත්ත්වය ඉඩ ලබාදිය නොහැකි බැවින්, ජනධිපතිවරයාගේ මැදිහත් වීමෙන් හෝ විමධ්‍යගත රසායනාගාර සේවාවක් මෙන්න සෞඛ්‍ය සේවාවක් ආරම්භ කිරීම සඳහා වහා ක්‍රියාත්මක විය යුතුය

රවී කුමුදේශ්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය