රාජ්‍ය සේවකයින්ට සේවයට කැඳවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්!

රාජ්‍ය සේවකයින්ට සේවයට කැඳවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්!

දීපව්‍යාප්ත කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

ඊයේ (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ  සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රත්නසිරි මහතා ගැබිණි මව්වරුන් සේවයට කැඳවීමට අවසර ලබාදීමක් සිදුනොකරන බවත් ප්‍රකාශ කළා.

ඊට අදාළ චක්‍රලේඛය අද (10) දිනයේ නිකුත් කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.