සෞඛ්‍ය අංශයේ හෙට සිට විරෝධතාවයක්

සෞඛ්‍ය අංශයේ හෙට සිට විරෝධතාවයක්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස බලකරන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා සුවසේවා සංගමය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ වන විට රටපුරා වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොවිඩ්-19 වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම අදාල ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂිත විධික්‍රම රෝහල් සහ සෞඛ්‍ය ආයතන ගණනාවක ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින් ගණනාවක් මේවන විට කොවිඩ් ආසාධියින් බවට පත්ව ඇති අතර අනෙකුත් කාර්ය මණ්ඩලය විශාල අවධානම් තත්වයක් හමුවේ සිය කාර්යභාරය ඉටුකරනු ලබයි.

මෙම පවතින තත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස බල කරමින් 2021.05.11වන දින සිට දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන කිහිපයක වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අප සංගමය තීරණය කර ඇත.