සංචරණ සීමා පැනවීම සමඟ දුම්රිය ධාවනය වෙනස් වෙයි -නිවේදනය මෙන්න!

සංචරණ සීමා පැනවීම සමඟ දුම්රිය ධාවනය වෙනස් වෙයි -නිවේදනය මෙන්න!
Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පැනවීම නිසා දුම්රිය ධාවනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
 
රජය විසින් 2021.05.11 වෙනි දින මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පැනවීම මත එදින රාත්‍රී 12.00 සිට සියළුම දුරගමන් දුම්රිය ගමන් අවලංගුකර තිබෙන අතර එක් එක් පළාත් තුළ පමණක් පහතින් දැක්වෙන නිවේදනයේ ඇතුළත්ව ඇති පරිදි ධාවනය කිරීමට කටයුතු කර ඇත.
 

මේ සම්බන්ධයෙන් වැඩබිම කළ විමසීමේදී දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළ කොළඹ කොටුව සිට අඹේපුස්ස, මරදාන සිට අළුත්ගම ,කොළඹ කොටුව සිට කොච්චිකඩේ සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා පමණක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයට අනුව දුම්රිය ධාවනය වන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්...

181595213 186222863358820 3435792380524340825 n

184270922 182612017067338 7208737825347855759 n