ප්‍රධාන නගරවල සිට දුම්රියේ කොළඹට යන එන ඔබට විශේෂ නිවේදනයක්!

ප්‍රධාන නගරවල සිට දුම්රියේ කොළඹට යන එන ඔබට විශේෂ නිවේදනයක්!
පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ වෙනත් පළාත්වල සිට කොළඹ නගරය දක්වා අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු සඳහා දුම්රියෙන් පැමිණෙන මගීන් මේ වනවිට බොහෝ අපහසුතාවයට පත්වී ඇත.
 
රජයේ නියමයන්ට යටත්ව ප්‍රධාන නගර කිහිපයක සිට කොළඹ කොටුව දක්වා ධාවනයට දුම්රිය කිහිපයක් යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය බලධාරීන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම හා සඳහන් කළේ.
 
තවද, පහත ගමනාන්ත යෝජිතව තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
🚆 බෙලිඅත්ත - කොළඹ මරදාන
🚆පුත්තලම - කොළඹ කොටුව 
🚆මහව - කොළඹ කොටුව 

🚆මහනුවර - කොළඹ කොටුව

train1