ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් කොවිඩ්-19 රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දී ඇති අතර ආචාර්ය ජීවන්දර පවසන්නේ දැනට මෙරට තිබෙන සියලුම එන්නත් ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත්කරණය බවත්ය.
කොවිඩ් වසංගතයෙන් වැළකීම සදහා ඔබ විසින් අනුගමනය කළ යුතු වඩාත්ම ඵලදායී ක්‍රම හය වන්නේ,
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා, ‘‘එන්නත් ගැන කරුණු විමසමින් අපට දිනකට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. අපි කියන්නේ දැනට මෙරට ජනතාවට ලබාදෙමින් තිබෙන සියලුම එන්නත් ඉතාම හොඳ ඒවා. අපට කොවිඩ්-19 රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත්කරණය පමණයි. ඒ නිසා ඔබට අවස්ථාව ලැබෙන කුමන හෝ එන්නතක් වුණත් හැකි ඉක්මනින්ම ලබා ගැනීම තමයි ඉතා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ. එක එක එන්නත් ගැන විමසමින් ඒවා එනකම් ඉන්න එපා. ලැබිලා තියෙන එන්නත ඉක්මනට ගහගන්න. එහෙම නොකළ හොත් ඔබගේ ජීවිතය නැති වෙන්න වුණත් පුළුවන්‘‘
‘‘ ඒ වගේම තමයි අපි මීට පෙරත් පෙන්වා දී ඇති පරිදි ඉදිරි මාසය ඉතාම තීරණාත්මකයි. ඒ නිසා අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිම කාරණයකට නිවෙස්වලින් පිටවීම නොකළ යුතුයි. උණ, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ ප්‍රධාන ලක්ෂණයි. මෙවැනි සැකසහිත ලක්ෂණ තිබේ නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කර අදාළ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ඉක්මනින් පියවර ගන්න. ඔබ ආරක්ෂා වෙනවා කියන්නේ රටම ආරක්ෂා වෙනවා කියන එකයි‘‘
