උපාධිධාරීන් කඩිනමින් රැකියාගත කරන ලෙස රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

උපාධිධාරීන් කඩිනමින් රැකියාගත කරන ලෙස රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

කෝවිඩ්වලට මුවාවී කල්දැමූ උපාධිධාරීන් රැකියා ගත කිරීමේ සාකච්ඡාව කඩිනම් කරන ලෙස රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා ඉල්ලීමක් කර තිබේ.

උපාධිධාරීන් රැකියා ගත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු කතිකා කිරීමට ලබාදුන් සාකච්ඡාව කඩිනම් කරන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර තිබෙන අතර එහි සඳහන් ආකාරයට 2021 අප්‍රේල් මස 22 වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවට අනුව උපාධිධාරීන් රැකියාගත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු කිහිපයකට විසඳුම් ලබා දීම සඳහා එකඟත්වය ප්‍රකාශ කළ බවයි.

නමුත් කොවිඩ් වසගත තත්ත්වය නිසා සාකච්ඡාව කල්දැමීමට සිදුවන බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී තිබෙන අතර එම සාකච්ඡාව කඩිනමින් පැවත්වීමට දිනයක් ලබාදෙන මෙලෙස ඉල්ලීම කර තිබේ.

183583610 134400712046963 5368289718149110337 n 1