කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා වෙනුවෙන් දුරකථන හා ඊ-මේල් මෙන්න  

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා වෙනුවෙන් දුරකථන හා ඊ-මේල් මෙන්න  
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා පළාත්/දිස්ත්‍රික් කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් ප්‍රමාණය සීමාකිරීමට එම දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබේ.
 
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අවශ්‍යතාව මත එම තීරණය ගත් බව කම්කරු කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කරයි.
 
සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන සේවාලාභීන් කම්කරු දෙපාර්කමේන්තුවේ වෙබ් අඩවිට වෙත පිවිස දිනයක් හා වේලාවක් වෙන්කරවා ගෙන තම සේවා ලබාගැනීමට කටයුතු කරන ලෙස එම දෙපාර්මේන්තුව දැනුම් දී තිබේ.
 
පළාත් හා දිස්ත්‍රික්ක කම්කරු කාර්යාල සඳහා සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන් එම කාර්යාලවලට අදාළ දුරකථන අංකය ඔස්සේ අමතා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට කටයුතු කර ලෙස ද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
 
එම කාර්යාලවලට අදාළ දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනයන් කම්කරු දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
 
කම්කරු නීතිවලට අදාළ ඔනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් හෝ ලිඛිත විමසීමක් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා ඇති බලප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමුකළ හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
එමෙන්ම කම්කරු දෙපාර්මේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිතව පවතින එක් එක් අංශයන්ට අදාළ සේවාවන් සම්බන්ධයෙන් පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලිඛිත විමසීම් සිදුකළ හැකිබව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
 

විමසීම් කළ හැදි දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනයන් පහත පරිදිය. 

labour press